තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්පත් පිලිබඳ සමීක්ෂණය

2025

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමන් ගේ මග පෙන්වීම යටතේ, බස්නාහිර පළාත් සභාවේ ඩිජිටල්කරණ උපාය මාර්ගික ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. උපාය මාර්ගයේ කොටසක් ලෙස බස්නාහිර පළාත් සභාවේ රාජ්‍ය ආයතන සතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වත්කම් පිලිබඳ තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය පැවැත්වේ.

සමීක්ෂණයේ අරමුණු:
  • ඔබගේ ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාංග භාවිතා මට්ටම හඳුනා ගැනීම.
  • ඔබගේ ආයතනයේ වත්මන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මානව සම්පත හඳුනා ගැනීම.
  • ඔබගේ ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදවුම් මෘදුකාංග භාවිතා මට්ටම හඳුනා ගැනීම.
  • ඔබගේ ආයතනයේ ඉලෙක්ට්‍රොනික තැපෑල හා සමාජ මාධ්‍ය භාවිත මට්ටම හඳුනා ගැනීම.
සැ.යු.-
  1. මෙම ප්‍රශ්නාවලිය ඔබගේ ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරියා (CIO) හෝ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වගකීම් හසුරුවන නිලධාරියෙකු විසින් පිරවීම අත්‍යවශ්‍ය වේ.
  2. සියලු ප්‍රශ්න සදහා පිළිතුරු සැපයිය යුතු වේ.
  3. මෙම ප්‍රශ්නාවලිය සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පිළිතුරු සපයන්න.
  4. මෙම පෝරමය පිරවීමේදී ඔබට කිසියම් දුෂ්කරතාවයක් ඇති වුවහොත්, වැඩිදුර සහාය සඳහා කරුණාකර 0112093103 අංකයෙන් තොරතුරු තක්ෂණ අංශය හෝ 071 8159332 අංකයෙන් සහකාර අධ්‍යක්ෂ (ICT) අමතන්න.

සමීක්ෂණය සඳහා වෙන් කරන කාලයට ස්තූතියි.