බස්නාහිර පළාත් රාජ්‍ය සේවා නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය සහ පරිගණක පුහුණු අවශ්‍යතා පිළිබඳ සමීක්ෂණය

2025

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමන් ගේ මග පෙන්වීම යටතේ, බස්නාහිර පළාත් සභාවේ ඩිජිටල්කරණ උපාය මාර්ගික ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. උපාය මාර්ගයේ කොටසක් ලෙස බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතා මට්ටම් සහ තොරතුරු තාක්ෂණ පුහුණු අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය පැවැත්වේ.

සැ.යු. –
  • ඔබගේ පරිගණක සාක්ෂරතාව හා ඔබ රාජකාරි කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය භාවිතා කරන මට්ටම පිළිබඳ අසා ඇති මෙම ප්‍රශ්නාවලිය සඳහා නිවැරදි පිළිතුරු සපයන්න.
  • ඔබ විසින් මෙම සමීක්ෂණ පත්‍රිකාව සම්පූරණ කළ බව ඔබගේ ආයතන ප්‍රධානියා විසින් අප වෙත දැන්විය යුතුව ඇත.
  • මෙම සමීක්ෂණය අදාළ වන්නේ පළාත් රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී (MSO) , සංවර්ධන නිලධාරී (DO) හා තාක්ෂණ නිලධාරී (TO) යන සේවා කාණ්ඩයන්ට පමණි.
  • ඔබට මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමට හෝ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 011-2444032 අමතන්න.
  • මෙම සමීක්ෂණයට පිළිතුරු සැපයීම සඳහා ගතවන කාලය විනාඩි 15කි.