බස්නාහිර පළාත් සභාව පිළිබඳ…

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන් සමන්විත බස්නාහිර පළාත යනු ශ්‍රී ලංකාවේ ඉහලම සමාජ ආර්ථික සංවර්ධනය අතින් ඉහලින්ම පවතින කොටස වේ. රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 50% කට වැඩි ප්‍රමාණයක් සඳහා එය දායක වේ. එසේම මේ පළාත දිවයිනේ සංචාරක කර්මාන්තයෙහි හදවත ලෙසද සැලකිය හැකිය. එය රටේ සියළු සංචාරක සේවාවන්හී බෙදාහැරීමේ මාර්ගයන්හී කේන්ද්‍රය වන අතර දිවයිනේ විවිධ ප්‍රදේශ කරා විදෙස් සංචාරකයන් යොමු කිරීමේ මධ්‍යස්ථානයද වන්නේය. සමස්තයක් වශයෙන් ගත් කළ බස්නාහිර පළාත ශ්‍රී ලංකාවේ අනෙක් බොහෝ පළාත් වලට වඩා වැඩි සම්පත් ප්‍රමාණයක හිමිකරුවාද වේ.

බස්නාහිර පළාතේ මෙහෙවර වනුයේ ජනගහනයෙහි ජිවන තත්වයන් නගා සිටුවීම උදෙසා කෘෂිකර්මය, ගොවිජන සංවර්ධනය, සුළු වාරි මාර්ග, කර්මාන්ත සහ පරිසර ක්‍රියාකාරකම් මෙහෙයවීමයි. බස්නාහිර පළාත කොළඹ, ගම්පහ සහ කළුතර යන පරිපාලන දිස්ත්‍රික්ක වලින් සමන්විත වන අතර එය ප්‍රධාන ගුවන් තොටුපල සහ වරාය සමගින් සම්බන්ධිතව වාණිජ කේන්ද්‍රයක් නිර්මාණය කරයි. එසේම ඊට පරිපාලන ආයතන 48 ක්, මහ නගර සභා 6ක් , නගර සභා 13ක්, සහ ප්‍රාදේශීය සභා 29ක් ඇතුලත් වන අතර ඒ සියල්ලම අදාල මට්ටම්හී පරිපාලනයට සහය වේ.

තිරසර සංවර්ධනය සඳහා බස්නාහිර පළාතේ කැපවිම

බස්නාහිර පළාත් සභාවෙහි දැක්ම වනුයේ සාමය, සහජීවනය සහ තිරසර සංවර්ධනය උදෙසා මග සැලසීමයි. එහි මෙහෙවර වනුයේ ජනගහනයෙහි ජිවන තත්වයන් නගා සිටුවීම උදෙසා කෘෂිකර්මය, ගොවිජන සංවර්ධනය, සුළු වාරි මාර්ග, කර්මාන්ත සහ පරිසර ක්‍රියාකාරකම් මෙහෙයවීමයි.

ක්‍රියාකාරකම්

බස්නාහිර පළාත තුළ කෘෂිකර්මය, ගොවිජන සංවර්ධනය, කර්මාන්ත සහ පරිසර ක්‍රියාකාරකම් වඩා ඵලදායී ලෙස මෙහෙයවීම සඳහා පහසුකම් සලසන ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීම

කෘෂිකර්මාන්තය සහ ගොවිජන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බස්නාහිර පළාත තුළ ඇති විවිධ සංකීර්ණතාවන් හමුවෙහි පැන නගිනා ගැටළු සහ සීමා හඳුනා ගැනීම, සැලසුම් සැකසීම, සංයුක්ත උපාය මාර්ගික පියවර සහ ප්‍රතිකර්ම තුළ දේශිය සහ විදේශීය වෙළඳපල අවශ්‍යතා සපුරාලීමට හැකිවන සේ ගුණත්වයෙන් ඉහල නිපැයුම් කිරීම පිණිස සුලු පරිමාණ කර්මාන්තකරුවන් ශක්තිමත් කිරීම. නිර්මාණශීලී දැනුවත්භාවය සඳහා උත්තේජනය සහ උපදෙස් සැපයීම, පළාත තුළ පවත්නා සම්පත් උපරිම අයුරින් භාවිතයට ගනිමින් සම්ප්‍රදායික සහ කාලීන නිර්මාණශීලී නිපැයුම් කිරීම පිණිස සුළු පරිමාණ කර්මාන්තකරුවන් සහ අත්කම් සඳහා පිලිගැනීමක් ඇති කිරීම.

වාරිමාර්ග කළමණාකරන යාන්ත්‍රණය උපරිම ආකාරයෙන් මෙහෙයවීම තුළින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමට හැකිවනසේ පොදු දැනුවත්භාවය ඇති කිරීම හරහා පළාත තුළ සුළු වාරිමාර්ග පද්ධති නඩත්තුව සහ පවත්වාගෙන යාම.

පරිසර හිතකාමී කර්මාන්ත උද්‍යාන ස්ථාපිත කිරීම සහ මානව වාසයට හිතකර වන්නාවූ සෞඛ්‍ය සම්පන්න පරිසර්යක් නිර්මාණය කිරීම සහ එමගින් මානව මෙන්ම සත්ව ප්‍රජාවෙහි යහපත උදෙසා තිරසර පරිසරයක් පවත්වා ගැනීමට පියවර ගැනීම.

දේශීය සහ විදේශීය සංවිධාන මෙන්ම ජනතාවගේ සහ  පුද්ගලික අංශයේද උපරිම දායකත්වය සහතික කරමින් පළාත තුළ කෘෂිකර්මාන්තය, ගොවිජන සංවර්ධනය, සුළු වාරිමාර්ග, කර්මාන්ත සහ පරිසර ක්‍රියාකාරකම් සඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම.

නවීන තාක්ෂණය සහ තාක්ෂණවේදයන් භාවිතයෙන් පළාත තුළ නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම පිණිස උපරිම සහය පල කරනු වස් ආයතන කළමණාකරනය.

පළාත් සභවෙහි ප්‍රතිපත්ති සමගින් ජාතික ප්‍රතිපත්ති මනාව යොදාගැනීම සහ සම්බන්ධීකරනය හරහා පරමාදර්ශී ආයතනික කළමණාකරනයක් සහ සම්බන්ධීකරණයක් සහතික කිරීම.

පළාත් සභාවෙහි සහ රජයේ ප්‍රතිපත්ති මනා සම්බන්ධීකරණය තුළින් සහ රජයේ මෙන්ම පුද්ගලික අංශය යන් දෙපාර්ශවයේම උපරිම මූල්‍ය සහ කාර්මික සහය සහතික කරමින් පළාත තුළ තිරසර සංවර්ධනයක් සහතික කිරීම.

5851130

ජනගහනය

369420

ආවරණ ප්‍රදේශ

3654

වර්ග කිලෝමීටර

3808

ඒක පුද්ගල ද.දේ.නිපැයුම